කවිදුගේ ආසාව

       

මිනිස්සුන්ට තියෙන අසාමාන්‍ය ආසාවල්.. මේත් අන්න ඒ වගේ කතාවක්..



"කවිඳු මා එක්ක යාලුවුණේ අහම්බෙන්. අපි යාලුවෝ ටික ට්‍රිප් එකක් ගිය වෙලාවක තමයි මට කවිඳු ව මුණ ගැහුණේ.

අපි දෙන්නා ආදරේ කළා. ඇවිදින්න ගියා. එයා ටිකක් අමුතු විදිහේ කෙනෙක් , එයා කැමතියි හැම වේලේම මා එක්ක තනිවෙන්න. මට කලින් වතාවක් බෝයි කෙනෙක් හිටියා , එයා එක්කත් මම එහෙම තැන තැන ගිහින් තිබුණා. ඒ නිසා ඉතින් කවිඳු එක්ක තනිවෙලා තැන තැන යන එක මටත් ප්‍රශ්නයක් වුණේ නෑ.. ''

"කවිඳුගෙයි මගෙයි ඒ ලවු එක නැඟලම ගියා. හැබැයි කවිඳු හරි අමුතුයි. එයා නීතිකාරයා. මට කවදාවත් එයාගේ ෆෝන් එකවත් දෙන් නෑ. මමත් එහෙම ඒවා උදුරන බලන කෙනෙක් නෙවෙයි. හැබැයි එක දවසක් මම ඒක බලෙන් ඉල්ලගත්තා.. දෙයියනේ.. ඒකේ ගැලරි බැලුවම මට වමනෙට ආවා.."
"දන්නවද කවිඳු චැට් කරලා , ආදරේ කරලා , තැන් තැන්වල ගිහින් තිබ්බෙ මං එක්කම විතරක් නෙවෙයි . ඒ ගැලරි එකේ තිබ්බා ඒ කෙල්ලන්ගේ ෆොටෝ වැහි වැහලා. ඒවා ඔක්කොම ජරා වීඩියෝ.. එයා ගොඩක් වීඩියෝ වට්ස්ඇප් වලින් එක එක්කෙනාට යවලා.."

"මම බනිනකොට එයා කිව්වෙ නරක හිතකින් ඒවා කළේ නෑ කියලයි. ඒත් මට පිළිකුල් හිතුණා. පස්සෙ එයා කිව්වා, ඒ සේරම වුණේ මාව හම්බෙන්න කලින්ලූ. ඒත් මම කොහොම විශ්වාස කරන්නද ?

එයා ම‌ගෙන් ඉල්ලුවේ එකම දෙයයි. එයත් එක්ක එකට ඉඳලා වීඩියෝ කරන්න එන්නලූ. ඒවා නෙට් දාලා සල්ලි හොයන්න පුළුවන්ලූ.."

"කියන්නකෝ, මොන කොල්ලද එහෙම කරන්නෙ? තමන් ආදරේ කරන කෙල්ලව ලෝකෙට ම පෙන්නන එක. මෙච්චර දෙයක් වුණාට පස්සෙත්.. එයා එහෙම ඉල්ලීමක් කරපු එක ගැන මට දැණුනේ තරහක්. වෛරයක්.."

"එදා මම එයා එක්ක තිබ්බ සම්බන්ධකම නැවැත්තුවා. එයාගේ ගැලරියේ තිබ්බ මගේ ෆොටෝ සේරම මම ඩිලිට් කළා. එහෙමයි මම එයාගෙන් ඈත්වෙලා ආවේ.."

"මට අදටත් ඇඟ හිරිවැටෙනවා ඒක මතක් වෙද්දි.."

එයා අමුතුම විදිහේ , පුදුම ලෙඩක් තියෙන කෙනෙක්..

Post a Comment

0 Comments