Hot Posts

අභිරහසක් ඉතිරි කර ප්‍රසිද්ධ නිළියක් දිවි රඟමඩලට සමුදෙයි



ඉන්දියාවේ මොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.


එරට මාධ්‍ය වාර්තා කළේ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ ඇයගේ නිවසේ නිදන කාමරය තුළ ඇය විසින් ගෙල වැලළාගෙන සියදිවි හානිකර ගෙන ඇති බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30ට පමණ මෙය සිදුව ඇති බවත්, එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට තිබෙනවා.

මිය යන විට ඇය 33 වැනි වියේ පසුවුණි.

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් අපර්ණාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

Post a Comment

0 Comments