3,935 Views

'' මගේ පුතා අනතුර වළක්වා ගන්න අවසන් මොහොත තෙක් උත්සාහ කරලා..''
මගේ දරුවට බස් එකෙන් පැනලා පණ බේරා ගන්න පුළුවන්කම තිබිලත් එහෙම කරලා නැහැ. එයා අවසන් මොහොතෙත් කට්ටිය බේරා ගන්න උත්සාහ කර තිබෙනවා යැයි අනතුරට පත් බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ තංගල්ල හේනකඩුවේ පදිංචි තෙවරා හැන්නදිගේ චිරාන් දිමන්ක (27) මහතාගේ මව කීවාය.
චිරාන් දිමන්ක 27 හැවිරිදි විවාහක තරුණයෙකි. ඔහුගේ මව යමුනා මහත්මිය නෙටොල්පිටිය මහ විදුහලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවිකාවකි. ඇය සිය පුතුගේ අනපේක්ෂිත වියෝවෙන් කම්පනයට පත්ව සිටින්නීය. පුතා ගැන මතකය අවදි කළේ මෙසේය.
මගේ පුතා හරි අහිංසක දරුවෙක්. නිතරම විනෝදයෙන් කල්ගත කළේ. පුතා විවාහකයි. දුව තංගල්ලේ රෙදිපිළි වෙළෙඳ සැලක වැඩ කරනවා. එයාලට තවම දරුවො නැහැ. පුතා වීරකැටිය සෙන්ට්‍රල් එකේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ඔහුගේ එකම ආශාව තිබුණේ රථවාහන රියදුරෙකු වෙන්නයි. ඔය ගිය බස් එක චාරිකාවන් යන එකක්. ඒ බස් එකට ට්‍රිප් එකක් ආවොත් පුතාට තමයි ඩ්‍රයිවින් කරන්න දෙන්නේ. ඔය පුරුදු වෙන්න ගිය ගමනක් නෙවෙයි. එයාට දැන් එක එක කතා කියනවා. මගේ පුතා එහෙම දරුවෙක් නෙවෙයි. මොනවා වුණාද කියලා මට හිතාගන්න බැහැ. උදේ යනකොට හේනකඩුව පන්සලට පඬුරු දමලා ගිය දරුවා. පුතාට ඕනෑකමක් තිබුණානම් බස් එකෙන් පැනලා පණ බේරාගන්න තිබුණා. නමුත් එයා එහෙම කළේ නැහැ. අන්තිම මොහොත දක්වා බස් එක බේරාගන්න උත්සාහ ගන්න ඇති.
දිනමිණ..

0 Comments