ඇල්ල - වැල්ලවාය, රාවණා ඇල්ල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.
අනතුරින් තුවාල ලැබූ 18දෙනෙකු බදුල්ල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද ඉන් හයදෙනෙකු කුඩා දරුවන් බවද වාර්තා වෙනවා.
මෙම අනතුර වන ස්ථානයට බදුල්ල මහා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය යුහුසුළුව ගොස් තුවාල ලැබුවන්ට අවශ්‍ය ක්ෂණික ප්‍රතිකාර ලබා දීම සිදුකරන බවයි වාර්තා වන්නේ.
මෙම බස් රථය අඩි 500කට ආසන්න ප්‍රපාතයකට පෙරළී ඇතැයි සඳහන්.
මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව කඹ ආධාරයෙන් ප්‍රපාතයට පෙරළී ගිය බස් රථය ආසන්නයට ළඟා වෙමින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යොමු කරමින් පවතින බවද වාර්තා වෙනවා.
මැදියම් රැය ඉක්ම යමින් තිබෙනවිට ප්‍රපාතයේ සිට කඹ ආධාරයෙන් මංපෙත් තුනක් හරහා විපතට පත්වූවන් ගොඩට ගෙන ඒමට ආරක්ෂක අංශ හා ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටියා.
බස් රථය ප්‍රපාතයට පෙරළී යාමත් සමග ඒ තුල සිටි පිරිස බසයෙන් විසි වී ගොස් කැලෑ පඳුරු අතරේ තැනින් තැන වැටී සිට ඇති බවද වාර්තා වෙනවා.
යුද හමුදා සාමාජිකයින් ඇතුළු ආරක්ෂක අංශවල විශාල පිරිසක් එම ස්ථානයට ගොස් තිබෙනවා.
පොලිසිය, පොලිස් විශේෂ කාර්‍ය බලකාය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් අනතුරින් හානියට පත් පිරිස් බේරා ගැනීම සඳහා කටයුතු කරන අයුරු දක්නට ලැබෙනවා.
අද (04) රාත්‍රියේ මෙම බස් රථ අනතුරුව සිදුව ඇත්තේ ඇල්ල - වැල්ලවාය, රාවණා ඇල්ල අසල 24 කනුව ආසන්නයේ බව වාර්තා වෙනවා.
ප්‍රපාතයට පෙරළී ඇති බස් රථය, මීටර 500ක් පමණ පහළට ඇදී පෙරළී ගොස් ඇති බවද සඳහන්.
විනෝද චාරිකාවක් සඳහා තංගල්ලේ සිට ඇල්ල බලා පැමිණි තංගල්ල නගර සභා සේවක පිරිසක්, යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.
මෙම චාරිකාවට 36 දෙනෙකු එක්ව සිටි බවද සඳහන්.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව එකොළොස් දෙනෙකු බවට ආරංචි මාර්ග සඳහන් කළත්, තවමත් එහි තොරතුරු වර්තා වෙමින් පවතිනවා.
අනතුරින් තුවාල ලැබූ සහ මරණයට පත් සංඛ්‍යාව වැඩිවිය හැකි බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම අනතුරින් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා තොරතුරු වාර්තා වී නෑ.
0 Comments